සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ පහකින් සමන්විත විස්සයි විස්ස ක්රිකට් තරඟාවලියේ පළමු තරඟය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද සමත් වුණා. ඒ, සත්කාරක නවසීලන්ත කණ්ඩායම ලකුණු 07කින් පරාජය කරමින්.
මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 164ක් රැස් කිරීමට සමත් වුණා. නායක ෂායි හෝප් පන්දු 39කදී ලකුණු 53ක් රැස් කළා. ඒ හතරේ පහර හතරක් සහ හයේ පහර තුනක් සමගින්.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 09ක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 157ක් පමණයි. නවසීලන්ත කණ්ඩායමේ නායක මිචෙල් සැට්නර් පන්දු 28කදී නොදැවී ලකුණු 55ක් රැස් කළද එය තරඟයේ ජයග්රහණය සඳහා ප්රමාණවත් වූයේ නැහැ. පන්දු යැවීමේදී රොස්ටන් චේස් ලකුණු 26කට කඩුලු තුනක් දවාගත්තා.
ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරඟ පහකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ එකට බින්දුවක් ලෙස පෙරමුණ ගැනීමට ද කොදෙව් කණ්ඩායම සමත් වුණා.
Published




