Published
නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නලින් රොහාන්ත අබේසුරිය මහතා අද පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා.
ඒ, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේයි.
මහාධිකරණ විනිසුරු, දොන් ෆ්‍රැන්සිස් හතුරුසිංහ ගුණවර්ධන සහ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුම පටබැඳිගේ යන මහත්වරු දිවුරුම් දෙනු ලැබුවේ නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙසයි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.