Published
නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබෙනවා.
ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.
ජනාධිපතිවරයා විසින් එහිදී නව පොලිස්පතිවරයාට සිය සුබපැතුම් පිරිනමා තිබෙන අතර පොලිස්පතිවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සමරු තිළිණයක්ද පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ශ්‍රී ලංකා පොලිසියේ 37 වන පොලිස්පතිවරයා වන අතර, මේ දක්වා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන අවධි තුනම පසු කරමින් පොලිස්පති ධුරයට පත් වූ පළමු පොලිස්පතිවරයාද වනවා.