ලංකා විදුලිබල සංශෝධන පනත ක්‍රියාත්මක කරමින් පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් 04කට සේවකයින් සම්බන්ධ කිරීම අරඹා ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගෙන් කොටසක් ඉහත පරිදි පිහිටුවන ආයතනවලට සම්බන්ධ වීමට කැමැත්ත පළ කරමින් ලිපි ලබාදීමට කටයුතු කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී අදාළ සේවක පිරිස සිය කැමැත්ත පළ කිරීමේ ලිපි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති මහාචාර්ය උදයංග හේමපාල මහතා වෙත භාර දී තිබෙනවා.
2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් 04 වන්නේ ජාතික පද්ධති පාලන පුද්ගලික සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම් පුද්ගලික සමාගම, විදුලිබල බෙදාහැරීමේ ලංකා පුද්ගලික සමාගම සහ විදුලි ජනන ලංකා පුද්ගලික සමාගමයි.
ඒ අනුව ඉහත සේවක පිරිස් අදාළ සමාගම් 04ට සම්බන්ධ කරන බවයි බලශක්ති අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූ වෘත්තීය සමිති නියෝජිතයින් සිය ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද සාකච්ඡාවක නිරත වුණා.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා විදුලිබල මණ්ඩල නව සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා.




