හේලීස් PLC විසින් මහාපරිමාණ සුපිරි වෙළඳසැල් ජාලයක් සමගින් සුපිරි වෙළඳසැල් අංශයට පිවිසීමට සැලසුම් කරන බව හේලීස් පීඑල්සී සමූහය පවසනවා
එම සමාගම් ජාලයේ වසර 148 ක විවිධාංගීකරණය සහ වටිනාකම් නිර්මාණය කිරීමේ ඉතිහාසයේ ප්‍රධාන පියවරක් වන බවයි ඔවුන් පවසන්නේ
ඒ අනුව, හේලීස් මගින් ප්‍රධාන නාගරික සහ තදාසන්න ප්‍රදේශවල අලෙවිසැල් 100ක් සමඟ මෙහෙයුම් ජාලයක් ආරම්භ කිරීමට සැලසුම් කරමින්, එහි පුළුල් ප්‍රවේශය, සන්නාම ශක්තිය සහ සැපයුම්, නිෂ්පාදන සහ සේවා යන ක්ෂේත්රවල නායකත්වය උපයෝගී කර ගනිමින් වටිනාකම් මත පදනම් වූ සිල්ලර පරිසර පද්ධතියක් ගොඩනැගීමට නියමිතයි.
එමගින් සුපිරි වෙළඳසැල් අංශයට පිවිසීම මගින් සමූහයේ ඉපැයීම් කළඹ තවදුරටත් විවිධාංගීකරණය කිරීමට සහ දිගුකාලීන මූල්‍ය ස්ථාවරත්වයට සහ කොටස්කරුවන්ගේ වටිනාකම් නිර්මාණයට දායක වීමට අපේක්ෂා කරන බවයි හේලීස් පීඑල්සී සමූහය පවසන්නේ.




