න්‍යෂ්ටික අනතුරකදී විකිරණ මට්ටම් නිරීක්ෂණය කිරීම සඳහා පූර්ව අනතුරු ඇගවීමේ පද්ධතියක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව පියවර ගෙන තිබෙනවා.

බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ මෙය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ සහයෝගීත්වය යටතේ ක්‍රියාත්මක වන බවයි. කල්පිටිය, මන්නාරම, ඩෙල්ෆ්, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන නාවික හමුදා කඳවුරු කේන්ද්‍ර කර ගනිමින් මෙම පද්ධති ස‍්ථාපනය කර තිබෙනවා.

අවට රටවල න්‍යෂ්ටික බලාගාරවල සිදුවන ස්වභාවික හෝ කෘතිම අනතුරු හේතුවෙන් මෙරටට ඇතුළු විය හැකි විකිරණ හඳුනා ගැනීම සඳහා මෙම පද්ධති නිර්මාණය කර ඇති බව බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.