සැබෑ විපක්ෂය නියෝජනය කරන බලවේගයක් ඒකරාශී කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ආණ්ඩුවට එරෙහිව නුගේගොඩදී ලබන 21 වනදා පැවැත්වීමට නියමිත රැළියට සිය පක්ෂය සහාය දක්වන්නේ එම අරමුණින් යුතුව බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

රටේ අනෙකුත් ප්‍රශ්න යට ගැසීම සඳහා ආණ්ඩුව ජාතික ආරක්ෂාව පිළිබඳ මාතෘකාවට අවධානය යොමුකර ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළා.