වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය වීම සහ ඔහුට එරෙහි චෝදනා පිළිබඳ තොරතුරු අනාවරණ වීමත් සමග විවිධ අපරාධ සහ අක්‍රමිකතාවලට සම්බන්ධ පුද්ගලයින්ට මැතිවරණ සඳහා නාම යෝජනා ලබාදීම පිළිබඳ දැන් කතාබහක් මතුව තිබෙනවා.

මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මැතිවරණවලදී නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙන් දැන් හෝ පිළිගත හැකි නිර්ණායක සකස් කළ යුතු බවයි.

කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් වුවද ඔහුට ඡන්දය දීමේදී ඡන්ද දායකයින්ට වගකීමක් පැවරෙන්නේ නැද්ද?

අපේක්ෂකයින් තෝරා ගැනීමේදී දේශපාලන පක්ෂ වෙත වැඩිම වගකීම් පැවරෙන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.