Published
දිට්වා සුළි කුණාටුවත් සමග ශ්‍රී පාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ නායයෑමෙන් හානි වූ ආරක්ෂිත යකඩ වැට යුධ හමුදා බට පිරිසක් විසින් මේ වන විට ප්‍රතිසංස්කරණය කරමින් පවතිනවා.
ශ්‍රී පාද මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ වන්දනාකරුවන් විසින් පරිසරයට මුදාහැර තිබූ අපද්‍රව්‍ය මත ආක්‍රමණශීලි ශාක වර්ගයක් වැවී තිබූ අතර, පැවති වර්ෂාවත් සමග අපද්‍රව්‍ය සහ ආක්‍රමණශීලි ශාක පඳුරු පහළට කඩාගෙන විත් ශ්‍රී පාද මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටීම හේතුවෙන් එම වැටට හානි සිදු වී තිබුණා.
අදාළ නායයෑම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනය විසින් එම ස්ථානයට ගොස් ස්ථාන පරික්ෂාවක් සිදු කර ලබා දුන් නිර්දේශ අනුව යුද හමුදා භට පිරිස් විසින් නායයෑමට ලක් වූ ස්ථානය ප්‍රතිසංස්කරණය කරමින් පවතිනවා.
එම මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් අදියරේ පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.





