Published
නායයෑම් අනතුරු ස්ථාන 10,813ක් පිළිබද මේ වනවිට වාර්තා වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
එම ස්ථාන අතරින් 1,426ක් මේ වනවිට පරීක්ෂා කර ඇති බවයි එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේ.
යම් ස්ථානයක නායයෑම් පූර්ව ලක්ෂණ පවතී නම් ඒ පිළිබඳ ජනතාව ගත යුතු පියවර සම්බන්ධයෙන් ද ඔහු පැහැදිලි කළා.




