Published
නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවන රථ 13ක් පිටත්කර යවා ඇති බව කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසනවා.
එම නිවාස සංකීර්ණයේ සිව්වන මහලේ එම ගින්න හටගෙන තිබුණේ පෙරවරු කාලයේදියි.
ගින්න හේතුවෙන් එම නිවාස සංකීර්ණයේ ඉහළ මහල්වල ජනතාව සිරවී සිටියා.
ඒ අනුව එම ජනතාව මුදාගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාරත්මේන්තුව පැවසුවේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.



