Published
මහරගම, නාවින්න ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකුට නාවින්න හන්දිය ප්‍රදේශයේදී වෙඩි තබා ඇති බවයි පොලීසිය පැවසුවේ. පිස්තෝල අවියක් භාවිත කරමින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.