මැල්සිරිපුර, පන්සියගම, නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදු වූ අනතුරකින් භික්ෂූන් වහන්සේ හත් නමක් අපවත් වී තිබෙනවා.

කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරට ලක්වන අවස්ථාවේ එම ඩක්කුවේ භික්ෂූන් වහන්සේ 13 නමක් ගමන් ගනිමින් සිට තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ භික්ෂූන් වහන්සේ හය නමක් කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය පැවසුවා.

අපවත් වූ භික්ෂූන් වහන්සේලා හත් නම අතර විදේශීය භික්ෂූන් වහන්සේ තුන් නමක් ද වනවා.

එම භික්ෂූන් වහන්සේ තුන් නම රුමේනියාව, රුසියාව සහ ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.