මරදාන, ශ්‍රී ප්‍රියදර්ශණාරාම මාවතේ පවත්වාගෙන ගිය නිතිවිරෝධී විදෙස් රැකියා නියෝජිත ආයතනයක් වටලා එහි හිමිකරු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශණ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.

බලපත්‍ර නොමැතිව පුද්ගලයින් විදේශ රැකියාවලට යැවීම සදහා මුදල් ලබා ගෙන ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ.

එම ආයතනයේ තිබී තිබී විදේශ ගමන් බලත්‍ර 256 ක්ද වැටලීම සිදුකළ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

අදාළ විදේශ රැකියා නියෝජිත ආයතනය සම්බන්ධයෙන් සිය කාර්යාංශය වෙත පැමිණිළි 85 ක් ලැබී තිබූ බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවා.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ මුදල් වංචා කිරීමේ සිද්ධින්වලට අදාළව එම ආයතනයට ලබාදී තිබූ බලපත්‍රය මීට පෙර අත්හිටුවා ඇති බවයි.

කෙසේවෙතත් බලපත්‍රය අත්හිටුවා ඇති පසුබිමක් තුළද එම ආයතනයේ හිමිකරු තවදුරටත් විදේශ රැකියාවන් ලබා දෙන බව පවසා පුද්ගලයින් රවටමින් මුදල් වංචා කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.