ලෝකයේ අධ්‍යාපනය වෙනස්වනවාට වඩා අප ද ඉදිරියෙන් සිට ඒ වෙනස්කම් අප රටේ නිදහස් අධ්‍යාපනය තුළ ශක්තිමත් කළ යුතු බවත් එසේ නොවන්නේ නම් නිදහස් අධ්‍යාපනය යටගොස් පෞද්ගලික හා විදේශීය අධ්‍යාපනය ඉහළ මට්ටමකට එන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබෙනවා.

නිදහස් අධ්‍යාපනය වෙනස් කිරීමේ දී අපේකම, ගමේකම, රටේකම සභ්‍යත්වය, සංස්කෘතිය හා උරුමය රැකගත යුතු අතර එහිදී ඉතිහාස විෂය අනිවාර්ය විෂයක් විය යුතු බවත් පෙන්වා දෙනවා.

අප රටට ආවේණික සංස්කෘතික රටාව තුළ නූතනවාදය එකට එකතු කර ගෙන සභ්‍යත්වය මත වෙනස්කම් සිදු කළ හැකි බවත් නිදහස් අධ්‍යාපනය විකෘතිභාවයට ලක් කරන ප්‍රතිසංස්කරණයේ නාමයෙන් නිදහස් අධ්‍යාපනයට අසභ්‍යත්වය ඇතුළු කිරීම තරයේ හෙළා දකින බවත් විපක්ෂනායකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

විපක්ෂ නායක මේ බව කියා සිටියේ අද කරම්පෑතර ශ්‍රී අභයරාජාරාම විහාරස්ථානයේ ඉදිකරමින් පවතින ශ්‍රී ගෞතම සම්බුද්ධ මහා කච්චායනා මහා සෑයේ ධාතූන් වහන්සේලා නිධන් වස්තු තැන්පත් කිරීමේ විශේෂ උත්සවය හා එක්වෙමින්.