නිධන් හාරමින් සිටියදී අත්අඩංගුවට ගත් කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 08 දෙනෙකු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාරගත කර තිබෙනවා. ඒ, ඔවුන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. අනුරාධපුර ශ්‍රාවස්ති පුර තිඹිරිගස්කඩවල දේවාලයක නිධන් හාරමින් සිටි බවට අනුරාධපුර පොලීසියට ලද තොරතුරක් අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ, නිධන් හෑරීමට භාවිතා කළ උපකරණ කිහිපයක්ද සමගයි.