හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ, විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද පස්වරුවේ පිටව ගියා.

ඒ, ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සංශෝධනය කිරීම හේතුවෙන්.

හිටපු ජනාධිපතිවරයා සිය නිල නිවසින් පිටව යන අවස්ථාවේ දේශපාලඥයින් ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියා.

එම නිල නිවසින් පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය පිළිතුරු ලබාදුන්නා.

හිටපු ජනාධිපතිවරයා තංගල්ල කාල්ටන් නිවසට ගියද ජනතාව ඔහු සමග ඉදිරියටත් සිටින බවයි එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසුවේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ද ඉදිරියේදී ඉවත් කරනු ඇති බවට සැකයක් පවතින බවයි හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ද එහිදී අදහස් පළ කළා.

මේ, එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා.