නීතිඥවරයෙකුගේ දෙහිවල මුහුදු පාරේ නිවසට ඇතුළු වී රුපියල් කෝටියකට ආසන්න රන් භාණ්ඩ සොරා ගත් පුද්ගලයා මාසයකට පමණ පසු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා.

එම සැකකරු සොරාගෙන තිබූ පවුම් විස්සකට ආසන්න රන් රන් භාණ්ඩ උණු කර තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇති අතර අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥවරයා ඇතුළු නිවැසියන් නිවසේ නින්දේ සිටියදී ඉකුත් 17 වෙනිදින අලියම් කාලයේදී මෙම සොරකම සිදු කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරු සොරාගත් එම රන් භාණ්ඩ මොරටුව සහ කළුතර ප්‍රදේශවලට උකස් කර ඇති අතර එම ආයතන වලින් ඒවා උණු කර තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත.

ගල්කිස්ස කොට්ඨාස භාර ජෙෂ්ඨ පොලිස් අධිකාරියේ අශෝක ගුණසේකර මහතාගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් ගමගේ නිලන්ත උප පොලිස් පරීක්ෂකවරුන් වන රන්දිම හා කවි සංඛ පොලිස් කොස්තාපල්වරුන් වන මේනක සංජීව කසුන් සේනානායක බණ්ඩාර හා ඉදිරිසිංහ මහත්වරුන් පරීක්ෂණ පවත්වනවා.