පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව කියන නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා මෙම දැනුම්දීම සිදු කළේ පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ගොනු කළ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීයි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ මෙලෙස කරුණු දැක්වූවා.

“ස්වාමීනී.... මාගේ සේවාදායකයා විමර්ශනවලට සහාය දෙන්න සූදානම්. ඔහු අධිකරණයට ඉදිරිපත් වෙන්නත් සූදානම් බවට ප්‍රතිඥාවක් ලබා දෙනවා. නමුත් ගැටලුවක් තිබෙනවා. ඔහු අධිකරණයට ඉදිරිපත් වීමට පෙර පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට අත්‍යාසන්න තත්ත්වයක් තිබෙන බව සඳහන් කළ යුතුයි.”

එම නිසා අධිකරණයට ඉදිරිපත් වන තුරු සිය සේවාදායකයා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වූවා.

මෙහිදී අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය මහතා විවෘත අධිකරණය කරුණු දක්වමින් මෙලෙස කියා සිටියා.

එම අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙලෙස කියා සිටියා.

ඉන් අනතුරුව වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙලෙස කියා සිටියා.

යළිත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා හැකි ඉක්මනින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමට සූදානම් බවත් ඔහු අධිකරණයට ඉදිරිපත් වනතුරු අත්අඩංගුවට ගැනීම වළක්වාලන කෙටි නියෝගයක් නිකුත් කිරීම යෝග්‍ය බවත් අධිකරණයට කරුණු පෙන්වා දුන්නා.

එහිදී අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය මහතා විවෘත අධිකරණයේ මෙලෙස කියා සිටියා.

ඉන් අනතුරු පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ තම සේවාදායකයා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමට සූදානම් බවයි.

ඒ අනුව එම කටයුතුවල ප්‍රගතිය විමසීම සඳහා මෙම පෙත්සම හෙට දහවල් 01.30ට කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළා.

මේ අතර නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා අද පස්වරුවේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වුණා.

ඒ, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා සමගින්. එහිදී නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබෙනවා.

සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වලකින ලෙසද නියෝග කෙරුණු අතර මෙම නඩුව නැවත නොවැම්බර් මස 17 වනදා කැඳවීමට ද එහිදී නියම කෙරුණා.

නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා ඇතුළු නීතීඥවරුන් පිරිසක් සහ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අතර බහින් බස්වීමක් සිදුව තිබුණේ ඉකුත් 10 වනදායි.