නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ නඩු පවරන්නේ තහවුරු කළ හැකි සාක්ෂි සහිත සිද්ධීන්වලට අදාල පුද්ගලයින්ට පමණක් බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. චෝදනා එල්ල වී සිටින ඇතැම් පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම ප්‍රමාද වීම සහ ඇතැම් පුද්ගලයන්ට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට බලපා ඇති හේතු මොනවාදැයි මහනුවර පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළා.