නීතිවිරෝධී ධීවර කටයුතු සහ අනවසර මසුන් ඇල්ලීම වැළැක්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ නීතිවිරෝධී ධීවර කටයුතු සහ අනවසර මසුන් ඇල්ලීම වැළැක්වීමේ උපාය මාර්ග සමාලෝචනය කිරීම සදහායි.

මෙහිදී, දේශීය හා විදේශීය යාත්‍රා මගින් මෙරට මුහුදු සීමාව තුළ සිදුකෙරෙන අනවසර මත්ස්‍ය දඩයම්, ගුවන් විදුලි සංඛ්‍යාත අනවසරයෙන් භාවිත කිරීම සහ ධීවර කටයුතු මුවාවෙන් සි‍දු කෙරෙන නීතිවිරෝධී ජාවාරම් ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා.

විශේෂයෙන්ම, දේශීය ද්විතියික ධීවර යාත්‍රා විසින් මත්ස්‍ය අභයභූමි ඇතුළු ධිවර කටයුතු සිදුකිරීම තහනම් කොට ඇති ප්‍රදේශ තුළ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වීම සඳහා එම යාත්‍රාවල සවිකොට ඇති නිරීක්‍ෂණ පද්ධතිය (VMS) හිතාමතාම අක්‍රීය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කල බවයි ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ.