ශ්‍රී ලංකා නාවික හමුදාව, පසුගිය දෙසතිය තුල දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින් පුද්ගලයන් 65ක් සමඟ ඩිංගි යාත්‍රා 16ක් නාවික හමුදා භරයට ගෙන තිබෙනවා. ඒ අනුව, ත්‍රිකුණාමලය සල්පේරු, උප්පුරල්, පොල්මල්කුඩා, නිලාවේලී, මලෛයිමුන්තාල්, පුත්තලම ඉප්පන්තිව් සහ මන්නාරම උතුර යන වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර නාවික විධානය, වයඹ නාවික විධානය සහ උතුරු මැද නාවික විධානය මඟින් සිදුකල මෙම මෙහෙයුම් මඟින් තහනම් ධිවර දැල් භාවිතයෙන්, විදුලි ආලෝක ධාරා භාවිතයෙන්, වලංගු බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් ප්‍රවාහනය යන නීති විරෝධි කටයුතු හේතුවෙන් මෙලෙස සැක‍කරුවන් 65දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ. තවද, මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තහනම් ධිවර ආම්පන්න සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය, ඊච්චලම්පත්තු පුත්තලම, කුච්චවේලි, කොඩ් බේ, මන්නාරම සහ ත්‍රිකුණාමලය ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කළ බවයි නාවික හමුදාව සදහන් කර සිටියේ.