නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1,400කට අධික තොගයක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ, කල්පිටිය තලවිල මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් මෙම විශේෂ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.

මුහුදේ පාවෙමින් තිබූ උර හතලිස් එකක් තුළ තිබී එම බීඩි කොළ තොගය සොයාගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

සිය භාරයට ගැනුණු බීඩි කොළ තොග‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බවද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.