රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත මත්පැන් බෝතල් 75ක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට තැත් කළ ගුවන් මගියෙකු නොවන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින්.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය වෙත පිවිස, එයින් මිලදී ගත් විදේශීය මත්පැන් බෝතල් 75ක් සැකකරු විසින් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, හරිත මාවත ඔස්සේ පිට කර ගෙන යමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු එම මත්පැන් බෝතල් තොගය ගමන් මලු 05ක් තුළ අසුරා ගෙන, ගුවන් තොටුපොළ බැංකු පරිශ්‍රය ද පසු කර පිට වී යමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මොහු පුත්තලම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන බවද පොලීසිය පැවසුවා.




