2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 09 වන දිනටත් මේ වන විට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙනවා. ඒ පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට අප දැන් සම්බන්ධ වනවා එම පරිශ්‍රයේ රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත ඉන්දු ආශ්චර්යා සමගින්.

පොත් ප්‍රදර්ශනයේ ස්ථාපිත කර ඇති පොත් කැටයට පොත් පරිත්‍යාග කළ ජනතාව නෙත් එෆ් එම් රේඩියෝවේ විකාශය වන පාසල් ළමුන් සහභාගී වන සති අන්ත උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශය සම්බන්ධයෙන්ද මෙලෙස අදහස් පළ කළා. මේ අතර, “සතුට” කෘතිය රචනා කළ ප්‍රියනාත් ජයසූරිය මහතාගේ නවතම කෘතිය විශේෂ වට්ටමක් සහිතව මිලදී ගැනීමට ප්‍රදර්ශන භූමියේ පිහිටි නෙත් කුටිය වෙත පැමිණෙන ඔබට අවස්ථාව සලසා දී තිබෙනවා. පොත් ප්‍රදර්ශනය අදත් රාත්‍රී 09 දක්වා පැවැත්වෙනවා. 26 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.