වප් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන ශ්වේත පූජා වැඩසටහන ගම්පහ මිරිස්වත්ත හෙට්ටියදෙණිය ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් කරමින් පවතිනවා.

මේ, ඒ පිළිබඳ අදහස් දක්වන ධර්ම නිකේතනවාසී පූජ්‍ය කිරිල්ලවල විමලානන්ද ස්වාමීන් වහන්සේ.

ඒ අනුව වප් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන ශ්වේත පූජා වැඩසටහන හෙට දිනයේ උදෑසන 08 සිට පැවැත්වෙනවා.

එහි සජීවී විකාශය හෙට සිට පළමුවරට නැරඹීමටද ශ්‍රාවක ඔබට අවස්ථාව හිමි වනවා.

ඒ අනුව “නේත්‍රාලෝක” යූ ටියුබ් චැනලය ඔස්සේ එම පිංකම් මාලාව ඔබට නැරඹීමට හැකියි.

මේ, ඒ පිළිබඳව කරුණු දක්වන නෙත් ආගමික අංශයේ වරුණ එදිරිසිංහ.