පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාලෝක පොසොන් උදානයට සමගාමීව පැවැත්වෙන ‘නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය’ අද පස්වරු 02.00 සිට ආරම්භ වනවා.

ඒ, තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේදීයි.

ධාතුන් වහන්සේ සියසින් දැක වන්දනා කිරීමට අදත් පෙරවරුවේ සිටම විවිධ ප්‍රදේශවල ජනතාව තිස්සමහාරාම රාජමහා විහාරයට පැමිණෙමින් සිටිනවා.

නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන නිමිත්තෙන් සිදු කරන දහවල් ධර්ම දේශනාව අද පස්වරු 02.00 සිට 03.00 දක්වා තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේදී පැවැත්වෙනවා.

ඒ, පූජ්‍ය ගලපිටගල පේමරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්.

දහවල් ධර්ම දේශනාව නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජීවීව ප්‍රචාරය කිරීමට ද නියමිතයි.

මේ අතර තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේ පොසොන් පෙරහැර අද රාත්‍රී 08.00 සිට නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජීවීව ප්‍රචාරය වනවා.

තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන “නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය” පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එම රාජමහා විහාරස්ථානයේ මේ වන විට රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.