උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල අද පස්වරු කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 36 සදහා නිකුත් කළ සාමාන්‍ය කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයැම් පර්යේෂණ අංශයේ අධ්යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා පැවසුවේ නයායෑමේ අවදානම් පවතින බවට හදුනාගෙන ඇති ස්ථානවල තවමත් ජනතාව රැදී සිටීම ගැටළුකාරී තත්ත්වයක් බවයි.
මේ අතර අවදානම් සහිත ගල් ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරන බැවින් මහනුවර - කොළඹ මාර්ගය මාවනැල්ල සහ කඩුගන්නාව අතර කොටස තාවකාලිකව වසා දමා ඇති බව පොලීසිය පැවසුවා.




