පකිස්තාන හමුදා ප්‍රධානී අසීම් මුනීර් අමෙරිකාවේදි කළ න්‍යෂ්ටික තර්ජනය සම්බන්ධයෙන් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය නිල වශයෙන් ප්‍රතිචාර දක්වා තිබේ. ඒ අනුව සතිපතා පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් පාකිස්තාන හමුදා නායකත්වයට පැහැදිලි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. ඒ අනුව ඔහු පැවසුවේ ඕනෑම අනර්ථයක් වේදනාකාරී ප්‍රතිවිපාක ඇති කරන බවයි. ඉන්දියාවට එරෙහිව පකිස්ථානයේ යුධ උමතුව පිළිබඳව ද ඔහු කණස්සල්ල පළ කළේය. එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ, මෑතකදී ප්‍රදර්ශනය වූ පරිදි, ඕනෑම අත්‍යාවශ්‍ය සිදුවීමක් වේදනාකාරී ප්‍රතිවිපාක ගෙන දෙන බැවින්, පකිස්තානය සිය උමතු ප්‍රකාශ පාලනය කර ගැනීමට කටයුතු කළ යුතු බවයි.