තමන් සහ සිය කොමිෂන් සභාව සම්බන්ධයෙන් වැරදි සහගත ප්‍රචාර සිදු කරන පුද්ගලයන් හා ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසනවා. ඒ අනුව අදාල පාර්ශ්වවලට එරෙහිව දූෂණ විරෝධී පනත සහ අදාල අනෙකුත් නීති යටතේ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට පසුබට නොවන බවයි ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේ.

ජනතාව වෙනුවෙන් තමන් නොබියව සිය රාජකාරිය ඉටු කරන බවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහ සිය කාර්ය භාරය පිළිබඳව ද එහි අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා කරුණු පැහැදිලි කළා.