Published
තමන් ඇතුළු පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති දෙවන තරඟයෙන් පරාජයට පත්වීමට සිදුවුණු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පවසනවා. සිදුවූ වැරදි අඩුපාඩු සකසා ගනිමින් සිම්බාබ්වේ කණ්ඩායම සමග අද පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරඟය ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙන බවයි ඔහු එහිදී සඳහන් කළේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන දුෂ්මන්ත චමීර නැවත සුපුරුදු දක්ෂතා අතරට පැමිණීම සම්බන්ධයෙන්ද නායක චරිත අසලංක එහිදි කරුණු පැහැදිලි කිරීමක් සිදුකළා දෙරට අතර පැවත්වන අවසන් විස්සයි විස්ස තරඟය අද පස්වරු 05 00 ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ දෙපිළම එක් තරඟය බැගින් ජය ගෙන සම තත්ත්වයේ පසු වනවා.