සැප්තැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවද පලස්තීන රාජ්‍යයක් පිළිගන්නා බව ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනිස් නිවේදනය කර තිබෙනවා. ඇල්බනීස් පැවසුවේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය නිව්යෝර්ක් නුවරදී රැස්වන විට තම රජය මෙම පියවර නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි. මේ බව කැන්බරා හි පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඇල්බනීස් සදහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලබන මාසයේ පැවැත්වෙන රැස්වීමේදී පලස්තීනය නිල වශයෙන් පිළිගැනීමට කැනඩාව , ප්‍රංශය සහ එක්සත් රාජධානිය සූදානම් වෙමින් සිටින බව නිල වශයෙන් නිවේදනය කර තිබුණා. එහෙත්, මෙම තීරණයට ඕස්ට්‍රේලියාව කොන්දේසියක් පනවා තිබෙනවා ඒ අනුව අනාගත පලස්තීන පාලනයට හමාස් ත්‍රස්ත කණ්ඩායමට කිසිදු සම්බන්ධයක් නොතිබිය යුතු බවයි සඳහන් කර ඇත්තේ. තවද පලස්තීන රාජ්‍යයක් පිළිගැනීම යථාර්ථයක් බවට පත් කිරීමට ඕස්ට්‍රේලියාව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කරන බවද අගමැති ඇන්තනී ඇල්බනීස් පවසා තිබෙනවා මෙම තීරණය සම්බන්ධයෙන් අගමැතිවරයා අවධාරණය කළේ, සාමය සහතික වන තෙක් ලෝකයට බලා සිටිය නොහැකි බවත්, මේ මොහොත අතහැර දැමීමෙන් ඇතිවන අනතුර ඊට වඩා වැඩි බවයි. පලස්තීන අධිකාරිය, ඊශ්‍රායලයේ පැවැත්මට ඇති අයිතිය පිළිගැනීමට, හමුදා විරහිත වීමට සහ සාමාන්‍ය මැතිවරණ පැවැත්වීමට ඇතුළු තවත් පොරොන්දු කිහිපයක් ඕස්ට්‍රේලියාවට ලබා දී තිබෙනවා. මේ අතර විපක්ෂයේ ලිබරල් පක්ෂය මෙම පියවර විවේචනය කරමින් කියා සිටියේ, එය ඕස්ට්‍රේලියාව එහි සමීපතම මිතුරා වන ඇමරිකා එක්සත් ජනපදය සමඟ ගැටීමට හේතු වී ඇති බවයි තවද හමාස් සංවිධානය ගාසා තීරයේ පාලනය දරන තාක් කල් පිළිගැනීමක් නොතිබිය යුතු බවට ද්විපාර්ශ්වික එකඟතාවය ආපසු හැරවූ බවයි විපක්ෂයේ ලිබරල් පක්ෂය විවේචනය කරමින් කියා සිටියේ පසුගිය සති අන්තයේ සිඩ්නි නුවර පමණක් 300,000 ක් ඇතුළුව මිලියන සංඛ්‍යාත ඕස්ට්‍රේලියානුවන් වීදි බැස ඇති අතර, සම්බාධක සහ ඊශ්‍රායලය සමඟ අවි වෙළඳාම නතර කරන ලෙස ඉල්ලා තිබෙනවා.
Published