පස් කදු කඩා වැටිම් නිසා මාතලේ රිවස්ටන් මාර්ගය වසා දමා තිබෙනවා.
ඒ රිවර්ස්ටන් කලාපයට ඊයේ සවස් වරුවේ ඇද හැලුනු අධික වර්ෂාව නිසා මාර්ගය එක් ස්ථානයකින් නාය යාම , තවත් ස්ථාන කිහිපයක පාරට පස් කඩා වැටීම් , ගස් කඩා වැටීම් නිසා මාර්ගය අවහිරවීම් සිදුව ඇති බැවින්
මේ හේතුවෙන් ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇන හිට ඇති බවයි මාතලේ දිසා වන නිලධාරි සම්පත් වනිගසේකර මහතා පවසා සිටියේ.
විශේෂයෙන් දිවා කාලයෙන් පසුව අධික වර්ෂාපතින හවස් වන විට ඇද හැලෙන බවත් මේ හේතුවෙන් රිවස්රටන් කලාපයේ දිය පහරවල් වල ජල මට්ටම් ක්ෂණිකව ඉහල යාමට ද පටන් ගෙන ඇති බවත් මේ හේතුවෙන් දිය නැමේදි දැඩි සැළකිල්ලෙන් පසුවන ලෙසත් සංචාරකයින්ගෙන් ඉල්ලා සිටින බවද වනිගසේකර මහතා සඳහන් කර සිටියා
තවද මාතලේ හරහා රිවස්ටන් මාර්ගයේ ගමන් කිරිමේදි විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් මාර්ග යථා තත්වයට පත් කිරිමට අදාළ අංශ මේ වන විට පියවර ගෙන ඇති බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ.





