2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණා. ඒ අනුව දිවයිනේ සිංහල මාධ්‍යය වැඩිම ලකුණු ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර දෙමළ මාධ්‍යය වැඩිම ලකුණු යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

මේ අතර ඉතිහාසයේ අවම දින ගණනක් ඇතුළත ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරුණු අවස්ථාව ලෙසද මෙවර ප්‍රතිඵල නිකුත් කිරීම ඉතිහාසයට එක් වනවා. මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත් වුණේ අගෝස්තු මස 10 වනදායි. ඒ අනුව දින 24ක් ඇතුළත මෙම ප්‍රතිඵල නිකුත් කිරීම විශේෂත්වයක්. පසුගිය වසරේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට දින 28ක කාලයක් ගත වුණා. ඊට පෙර වසරවලදී ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා සාමාන්‍යයෙන් දින 32ත් 38ත් අතර කාලයක් ගත වී තිබෙනවා.