පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමේදී විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට වර්තමාන රජය විවිධ වරප්‍රසාද ලබාදුන්නා යැයි පළ වන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ජාතික ජන බලවේගය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පැවසුවේ ආණ්ඩුවට බහුතර බලය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමේදී ස්වේච්ඡාවෙන් විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් ආණ්ඩුව සමග එක් වූ බවයි.

කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා චෝදනා කරන්නේ පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමේදී ආණ්ඩුව විසින් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද ලබාදුන් බවයි.