පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුව සූදානම් බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
පැරණි ක්‍රමයට පළාත් සභා ඡන්දය පවත්වන ලෙස විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.
දින කිහිපයකින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය යෝජනා සම්මත කරගත නොහැකි බවද නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට හැකි ක්‍රමය වන්නේ පැරණි ක්‍රමයට එම මැතිවරණය පැවැත්වීම බව පැෆ්රල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ තාවකාලිකව අවශ්‍ය නීති සංශෝධනය කර පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් මාස 06ක කාලයක් ඇතුළත එම මැතිවරණය පැවැත්වීමට හැකි බවයි.




