ලැබී ඇති ජන වරම සමාජ සාධාරණත්වය වෙනුවෙන් භාවිත කරන්නැයි විපක්ෂය වත්මන් රජයෙන් ඉල්ලීමක් කරනවා.

2026 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදයේ පළමු දිනට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙම අදහස් පළ කළා.

ඒ සම්බන්ධයෙන් සහ විදෙස් සංචාරවල වැඩි වශයෙන් නිරත වන රාජ්‍ය නිලධාරින් පිළිබඳව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා එහිදී දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

ජනාධිපති, අගමැතිනිය සහ කතානායකවරයාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් විපක්ෂය එල්ල කරන චෝදනාවලටද සභානායකවරයා ප්‍රතිචාර දැක්වුවා.

මේ අතර පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ නීතිමය තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරන බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවා.