ප්‍රංශයේ නිල වශයෙන් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගෙන තිබෙනවා. අමෙරිකාවේ නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ප්‍රකාශ කර ඇත්තේ සාමය සඳහා කාලය උදා වී ඇති බවයි. ගාසා තීරයේ පවතින යුද්ධය සාධාරණීකරණය කිරීමට කිසිවෙකුටත් නොහැකි බවද ප්‍රංශ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා ප්‍රකාශ කර තිබෙනවා. කැනඩාව, එක්සත් රාජධානිය ඔස්ටේ්‍රලියාව සහ පෘතුගාලයද පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් වශයෙන් පිළිගන්නා බව මීට පෙර ප්‍රකාශයට පත් කළා. බෙල්ජියම, ලක්සම්බර්ග්, මෝල්ටාව, ඇන්ඩෝරා සහ සැන්මරිනෝද පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බවයි ප්‍රංශ ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ. මේ වන විට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාජික රටවලින් සියයට 80ක් පමණ මේ දක්වා පලස්තීනය රාජ්‍යයක් වශයෙන් පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. මේ අතර එම තීරණයට ඊශ්‍රායලය විරෝධය පළ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.