Published
බෙංගාල බොක්කෙහි ඇති වූ 'දිට්වා' සුළි කුණාටුව ඉදිරි පැය 48ක කාලය තුළ තමිල්නාඩුවෙන් ඉන්දියාවට ඇතුළුවීමට නියමිතව තිබෙනවා
මේ හේතුවෙන් තමිල්නාඩුව ආශ්රිත වරායන්වලට අවවාදාත්මක නිවේදන මේ වනවිට නිකුත්කර තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ වන විට මඩකලපුවට කි.මී. 20ක් නිරිත දෙසින් හමාගිය 'දිට්වා' සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කි.මී. 50ක් දකුණු දෙසින් කේන්ද්‍රගතව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියේ, මෙම පද්ධතිය උතුර බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි.
මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද නිවේදනය කර සිටියේ, මෑත ඉතිහාසයේ දිවයිනට ඇඳහැලෙන වැඩිම වර්ෂාපතනය ඉදිරි පැය කිහිපය තුළ බලාපොරොත්තු විය හැකි බවය.




