Published
අද දින සිට නැවත දැනුම්දෙන තුරු නානුඔය සහ බදුල්ල අතර රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය සීමා කර තිබෙනවා.
ඒ, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගන්නා ආරක්‍ෂාකාරී පියවරක් ලෙසයි.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ රාත්‍රී තැපැල් දුම්රිය කොළඹ කොටුව සිට නානුඔය දක්වා සහ නානුඔය සිට කොළඹ කොටුව දක්වා ලෙස සීමා කර තිබෙනවා.





