Published
පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම සහ දේශපාලනය තවදුරටත් එකිනෙක සම්බන්ධ බව පෙරටුගාමී සමාජවාදි පක්ෂය පවසනවා. එහි ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසුවේ පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදි සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ සිද්ධියෙන්ද එය මනාව පැහැදිලි වන බවයි.
කෙසේවෙතත් පසුගිය ආණ්ඩු සමයන්හිදී පාතාලය වෙත ලබා දී තිබූ සියලු අවි ආයුධ සොයා ගන්නා බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. එම ආයුධ සඟවා ඇති ස්ථානද මේ වන විට බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇති බවයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ.