Published
පාතාල නායකයින් මෙරටට රැගෙන ඒම, දේශපාලඥයින් සහ පාතාල කණ්ඩායම් අතර පවතින සබඳතා පිළිබඳව දේශපාලඥයින් අද විවිධ අදහස් පළ කළා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ පාතාල කණ්ඩායම් අතර දේශපාලකයින් සම්බන්ධතා පවත්වා ඇත්නම් ඒ පිළිබඳ ආරක්‍ෂක අංශ විධිමත් පරික්‍ෂණයක් සිදු කළ යුතු බවයි.
පාතාල නායකයින් අත්අඩංගුවට ගැනීමේදී සහ විදෙස් රටවල සිටින පාතල නායකයින් මෙරටට ගෙන්වීමේදී දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් එය සිදු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. පාතාල නායකයින් අත්අඩංගුවට ගැනීමේදී සහ ඔවුන් විදේශ රටවල සිට මෙරටට ගෙන්වීමේදී ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා එම අවස්ථාවලට සම්බන්ධ වන්නේ එම නිලධාරීන් දිරිමත් කිරීමේ අරමුණින් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාද පාතාල නායකයින් මෙරටට ගෙන ඒමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. තරාතිරම නොබලා පාතාල නායකයින් සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම ආරක්‍ෂක අංශයේ වගකීම බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ.