ත්‍රිකුණාමලයේ විහාරස්ථාන භූමියක ඇති වූ නොසන්සුන් සිද්ධිය සම්බන්ධයෙන් වත්මන් තත්වය පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ මෙම සිද්ධිය දැන් සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි.

දැන් පාර්ශ්ව කිහිපයක් මෙම ගැටලුව මුල්කර ගනිමින් ජාතිවාදී වාසි ලබා ගැනීමට උත්සාහ කරමින් ඇතැයි ජනාධිපතිවරයා පැවසුවා.