චීනයේ ඉදිකරමින් පවතින පාලමක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙනවා. අනතුරින් තවත් පුද්ගලයින් 09 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පාලම ඉදිකරන අවස්ථාවේ එහි කම්කරුවන් 15 දෙනෙකු සේවය යෙදී සිට තිබෙනවා. පාලමේ පවතින කඹ කැඩී යාම හේතුවෙන් එම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී බස් රථයක් පෙරළී යාමෙන් පුද්ගලයින් 05 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ කැනඩා අමෙරිකානු දේශ සීමාවේ පිහිටි නයගරා දිය ඇල්ලේ සිට නිව්යෝර්ක් නගරය බලා ධාවනය වෙමින් තිබූ සංචාරකයින් රැගත් බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි. මිය ගිය පිරිස අතර ඉන්දියාව, චීනය සහ පිලිපීන යන රටවල සංචාරකයන් වනවා.