Published
2026 වසරේ අවසාන වන විට සියලුම ද්විතීක පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීමට අපේක්ෂිත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
පාර්ලිමේන්තුවේ අද පැවති විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ රුපියල් 5,000ක අසීමිත දත්ත පැකේජයක් ද පාසල්වලට හඳුන්වා දෙන බවයි.
තොරතුරු තාක්ෂණ දැනුම නොමැති ගුරුවරුන් සඳහා එම දැනුම ලබාදීමට දැනටමත් වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.
ඉදිරියේදී සිදු කිරීමට නියමිත විෂයමාලා සංශෝධනය සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය මෙලෙස අදහස් පළ කළා.
වෘත්තීය විෂයන් සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.
පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සහ කථානායකවරයා අතර විවාදාත්මක තත්ත්වයක් ඇති වුණා.