මත්ද්‍රව්‍යවලින් තරුණ පරපුර බේරා ගැනීමේ සමාජ සත්කාරයට නෙත් එෆ් එම් රේඩියෝවද දායක වනවා.
“එක් වෙමු පෙළ ගැසෙමු - මත් රකුසා එළවමු” යන තේමාව යටතේ එම සමාජ සත්කාරය ක්‍රියාත්මක වනවා.
ඒ අනුව ඒ සඳහා ඔවුන් දැනුවත් කිරීම අද සිට නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ ක්‍රියාත්මකයි.
මේ අතර, රජයේ සියලුම ආයතනවල මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීමට රාජ්‍ය පරිපාලන ලේකම්වරයා හරහා හෙට දිනයේ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
මත්ද්‍රව්‍ය ජාතික සභාව සඳහා වූ විශේෂ කාර්යාලයක් ලබන 22 වනදා කොළඹ 07 ටොරින්ටන් හිදී විවෘත කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් පැවසුවේ.
ඒ අනුව ලබන 22 වනදා විවෘත කෙරෙන එම විශේෂ කාර්යාලයේ 18 18 යන දුරකථන අංකය ඔස්සේ මත්ද්‍රව්‍ය සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.
අලුතින් මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථාන දහයක් ස්ථාපිත කිරීම සඳහා ස්ථාන හඳුනාගෙන ඇති බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පැවසුවා.




