2024 වසරේදී සිසුන් 27,550 දෙනෙකු අතරමඟදී පාසල් හැරගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පාර්ලිමේන්තුවේදී කියා සිටියේ දිවයිනේ සියලු පාසල්වල සිදු කළ සංගණනයකදී එම තොරතුරු අනාවරණ වී ඇති බවයි.

එමෙන්ම පාසල් සිසුන් 80,591 දෙනෙකු නිසි පරිදි පාසල් පැමිණ නොමැති බවද එම සමීක්ෂණයේදී අනාවරණ වූ බවයි ප්‍රකාශ කෙරුණේ.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ වැදගත්කම සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අදහස් පළ කළා.

පාර්ලිමේන්තුව අද පෙරවරු 09යි 30ට රැස්වීමට නියමිතයි.