Published
වන අලි මිනිස් ජීවිතවලට එල්ල කරන බලපෑම සම්බන්ධයෙන් දිගින් දිගටම තොරතුරු වාර්තා වනවා.
ඒ පිළිබඳ තවත් තොරතුරක් නෙත් නිවුස් වෙත වාර්තා වුණේ බුත්තල ප්‍රදේශයෙන්.
පැල්වත්ත සීනි සමාගමේ වගා හානි කිරීමට පැමිණෙන වන අලි පළවා හැරීමේදී මේ වන විට අනුගමනය කරන ක්‍රියාමාර්ග හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.
ඔවුන් සඳහන් කළේ වන අලි කැලෑබද ප්‍රදේශවලට පළවා හැරීම වෙනුවට තම ගම්බිම් ආශ්‍රිත ප්‍රදේශවලට පළවා හැරීම මෙම ගැටලුවට හේතුව බවයි.
මේ හේතුවෙන් බුත්තල යටි හෙල්ලාගල, ගෝනගන්ආර වැනි ප්‍රදේශවල වගා බිම්ද විශාල වශයෙන් හානි වී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.
මෙමගින් වන අලින්ගේ ජිවිත වලටද තර්ජනයක් එල්ල වන බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.