ඔස්ට්‍රේලියාව ඇතුලු පැසිෆික් රටවල් චීනයෙන් එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බව විශේෂඥයින්ගෙන් අනතුරු ඇඟවීම් ඇති කර ඇති බව The Epoch Times වාර්තා කරයි. ඒ චීන කොමියුනිස්ට් පක්ෂය සම්බන්ධව නවසීලන්තයෙන් මෑත කාලීනව වාර්තා වූ සිදුවීම් දෙකක් පිළිබඳ දක්වමින් ය. ද එපෝච් ටයිම්ස් පුවත්පතට අනුව, චීන රාජ්‍ය තාන්ත්‍රිකයින් වෙලින්ටන් වික්ටෝරියා විශ්ව විද්‍යාලයට බලපෑම් කිරීමට උත්සාහ කළේ ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය සමඟ එක්ව සංවිධානය කරන ලද තායිවානයට අදාළ අධ්‍යයන උත්සවයක් නතර කරන ලෙසයි. චීනයේ එම උත්සාහයන් නොතකා, විශ්ව විද්‍යාලය අධ්‍යයන නිදහස සඳහා වූ එහි කැපවීම තහවුරු කළ අතර වැඩසටහන ඉදිරියට ගෙන ගොස් තිබිණි. වෙලින්ටන්හි චීන තානාපති කාර්යාලය විධිමත් විරෝධතාවක් ගොනු කරමින් කියා සිටියේ, චීන පුරවැසියන්ට ගුවන් තොටුපළ ආරක්ෂකයින් විසින් "හිරිහැර කර ප්‍රශ්න කරන ලද" බවත්, ඔවුන්ගේ ඉලෙක්ට්‍රොනික උපාංගවලට ප්‍රවේශය ඉල්ලා සිටි බවත්ය. ඊට ප්‍රතිචාර වශයෙන්, නවසීලන්ත විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ සියලුම මගීන් වෙනස්කම් කිරීමකින් තොරව ඒකාකාරව ක්‍රියාත්මක වන දේශසීමා සහ ආරක්ෂක නීතිවලට අනුකූල විය යුතු බවයි.