Published
පෑලියගොඩ, වෙදමුල්ල ප්රදේශයේදී පුද්ගලයෙකුට මොට ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි වෙදමුල්ල, කැලණිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා හා තවත් පුද්ගලයෙකු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් එම ඝාතනය සිදුව ඇති බවයි.
සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




